අද මම කථා කරන්න යන්නේ මේ පාසලේදී මට හමුවුන සුවිශේෂී කෙනෙක් ගැන. මේ පාසලේදී මට හමුවනවා අවුරුදු තුනේ සිට සියය දක්වා නොයෙකුත් තරාතිරම් වල නොයෙකුත් දෙනා. ඒ අතරින් මම මුලින්ම ලියන්නේ මට හමුවුන සුවිශේෂී කුඩා දරුවෙක් ගැන. මේ පාසලේ මම උගන්නන්න බයම අය තමයි returnees කියන්නේ. මෙහෙම හදුන්වන්නේ ඇමෙරිකාව, එංගලන්තය හෝ ඔස්ට්‍රේලියාව වැනි රටවල අවුරුදු 5කට වඩා ජිවත් වී නැවත ජපානයට එන කුඩා දරුවන්. මෙසේ නැවත පැමිණෙන දරුවන් ඔවුන්ගේ දෙමාපියන්ට වඩා භාෂාව මැනවින් හසුරනවා. ඔවුන්ගේ උච්චාරණය සහජයෙන්ම ඉංග්‍රීසි කථාකරන අයෙකුට බෙහෙවින්ම සමානයි. ඒකත් අපුරු දෙයක්. පුංචි දරුවන් හරියට හිස් බඳුන් වගේ ඔවුන්ට ලේසියෙන් දේවල් ග්‍රහණය කරගන්න පුළුවන්. නමුත් වයසෙන් වැඩිවෙන්න වැඩිවෙන්න වැඩකට නැති දේවල් පුරවපු බඳුන් වගේ ලොකු වෙන්න වෙන්න අපිට දේවල් ග්‍රහණය කර ගැනීමේ හැකියාව නැතිවෙලා යනවා. ඉතින් මේ දරුවන්ට අලුතින් උගන්වන්න දේවල් තියෙන්නේ බොහොම ටිකයි. ඒනිසා ඔවුන්ට උගන්නන එක ලේසි නැහැ. ඔවුන්ගේ දෙමාපියන් අපේ පාසලට ඔවුන් එවන්නේ ඉංග්‍රීසි ඉගැන්වීමටත් වඩා ඒ දරුවන්ගේ භාෂා දැනුම මොටවෙලා යන එකෙන් වළක්වන්නයි.
අද අපේ කථා නායකයාත් හවායි වල අවුරුදු 8ක් ජිවත් වෙලා ජපානයට ආපු කෙනෙක්. වයස අවුරුදු 10ක බෝලයක් වගේ පොඩි පුතෙක්. හැමදාම තමන්ගේ නැගණියත් එක්ක මේ පාසලට එනවා. නංගිගේ ලෙසන් බූත් එකට ගිහින් නංගිට කොලොප්පන් කරලා මගේ බූත් එකේ වාඩි වෙනකොට මුල විනාඩි 5ත් ගත වෙලා ඉවරයි. දවසේ පාඩම ඉවර කරන්න මෙයාට විනාඩි 5ක් වත් යන්නේ නැහැ. ඊට පස්සේ වෙන්නේ එයත් එක්ක එයා කැමති දෙයක් ගැන කථා කිරීමයි. එදා දවසේ එයා කථා කලේ එයාගේ යාළුවෙක්ගේ බ්ලොග් එකක් ගැනයි. ඒ බ්ලොග් එකේ ලියන්නේ ඇමෙරිකාවේ සිට ජපානයට පැමිණෙන කුඩා දරුවන් මුහුණ පාන ගැටළු ගැනයි.
ජපානයේ පාසල්, විශ්ව විද්‍යාල වල වගේම ආයතන වල තිබෙන විශාල ගැටළුවක් තමයි කොන්කිරීම "bullying". මේ කොන්කිරීම් වලට ලක්වෙන්නේ එම පිරිසේ සිටින වෙනස් අයයි. ජපානයේදී ආයතන වලදී ජෙය්ෂ්ටත්වයට සියළුම දෙනා ගරු කල යුතුයි. සමහර වෙලාවලදී ජ්‍යෙෂ්ටයා කියන දෙය වැරදි වුවත් සාමාන්‍යයෙන් අනිත් අය එය අභියෝගයට ලක් කරන්නේ නැහැ. ඒනිසාම බොහෝදෙනා ආතතියට ලක්වන අවස්ථා එමටයි. මේ අතරතුර කෙනෙක් තමන්ගේ අදහස එළිපිට කියන්නට ගියෝතින් ඒ කෙනා බොහෝවිට කොන් කිරීම් වලට ලක් වෙනවා. මේ තත්වය පිටරට සිට පැමිණෙන බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක්. ඒ වගේම කවුරුන් හෝ පෙනුමෙන් හෝ ක්‍රියා කලාපයෙන් පිරිසට වඩා වෙනස් වුවිටද එම අය මෙසේ කොන් වීමට ලක්වෙනවා. මේ තත්වය බොහොම බරපතලයි. මෙනිසාම බොහෝ දෙනා සියදිවි හානි කරගන්නවා. සෑම විනාඩි විස්සකටම වරක් ජපානයේ එක්කෙනෙක් සියදිවි හානි කරගන්නවා. බොහෝ දෙනාට මෙසේ කිරීමට හේතුවන්නේ මුල්‍යමය ගැටළු නොවෙයි. මානසික ගැටළුයි. ඒනිසාම බොහෝ විදේශීකයන් තමන්ගේ දරුවා පාසල් යන වියට පත් වෙනවිට ජපානය අත්හැර යනවා. තමන්ගේ යාළුවාගේ ගැටළු ගැන කථා කරමින් සිටි ඒ දරුවා එක්වරම මාතෘකාව වෙනස්කලා.
ළමයා: එයාට විතරක් නෙමෙයි මටත් හරියට කරදර අළුත් ස්කොලේ
මම : ඒ මොනවද
ළමයා: මට හොඳට ජපන් කථා කරන්න බෑනෙ. ඒවගේම මට ඉංග්‍රීසි පුළුවන් නිසා ස්කොලේ ළමයි මම වෙනස් කියල කොන් කරනවා. තව මම කොන්වේවී හිටපු එක්කෙනෙක්ව බේරන්න ගියානේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඉලක්කය වුනේ මාවයි.
ඔයා දන්නවද ඒගොල්ලෝ සමහර වෙලාවට රංචු ගැහිලා මම යන එනකොට එක එක ඒවා කිව්වා. මට ඒවා හරියට තේරුනේ නැහැ. ඒත් මම පස්සේ ඒවායේ තේරුම බැලුවම ඒගොල්ලෝ කියල තියෙන්නේ, "උඹ ජපනෙක් නෙමෙයි. උඹ වගේ අය මෙහෙට ගැලපෙන්නේ නැහැ. ආපහු පලයන් ඇමරිකාවට. නැත්නම් මැරියන්"
මම : ඉතින් ඔයා කිවුවේ නැද්ද ගුරුවරයෙකුට හරි අම්මලට හරි
ළමයා: හපෝ ඒක කරන්න බෑ. ගුරුවරු දන්නවා. ඒගොල්ලෝ මැදිහත් වෙන්න ගියොත් ඒගොල්ලන්වත් කොන් වෙනවා. අම්මට කියන්න බෑ එයා පොඩි කාලේ එයාටත් මෙහෙම වෙලා තියනවා. මේක දැනගත්තොත් එයා හරියට දුක්වෙයි. (මේ පොඩි එකා කතා කරන්නේ හරියට අවුරුදු 30ක 40ක මිනිහෙක් වගේ)
මම : ඉතින් ඔයා මොකද කලේ
ළමයා: මම ඔයාට රහසක් කියන්නද? හැබැයි කා එක්කවත් කියන්න බෑ හරිද?
මම: හා කියන්න
ළමයා: මම ගිය මාසේ ඉන්ටෙර්නෙට් එකෙන් පිහි ඇනවුම් කරන්න හැදුව. මට ඕන උනේ හොඳ කැපෙන පිහියක් ගන්න අරන් ගිහින් ඒගොල්ලෝ ඉස්සරහම මට ඇනගන්න. මම ඉන්ටෙනෙට් එක පුරාම හෙවුවා පිස්සුවෙන් වගේ. ඒත් මට ඒක ගැන හිතලම හිතුනා මේ පිස්සෝ ටිකක් නිසා මම මොකටද මටම නරකක් කරගන්නේ කියල. ඊට පස්සේ මම එක අත ඇරියා. දැන් මම ඒගොල්ලෝ කියන කිසි දෙයක් ගණන් ගන්නේ නෑ ඇහෙන්නේ නෑ වගේ ඉන්නවා.
මේක කියපු ගමන් මට දැනුනේ ලොකු කම්පනයක්. මට ඒ පොඩි එකාව තුරුළු කරන් අඬන්න හිතුනා. ඒත් එහෙම කරන්න බෑ. මේ ළමයින්ගේ ඔළුව අතගාන්නවත් අපිට තහනම්. ඒක "sexual harassment" වලටයි අයිති වන්නේ. නමුත් මම ඔහුව ගොඩක් ප්‍රශංසා කලා මම පුළුවන් තරම් ඔහුගේ හිත හැදුවා. එත් මට බය හිතුනා. මේ දරුවට ඕන වුනේ මට කියල කාට හරි දන්වන්නද කියල මට හිතුනා. ඒනිසාම මම මගේ මැනේජර් ට මේක දැන්නුවා මොකද මේ ළමයා ඔහුට යම්කිසි අනතුරක් කර ගත්තොත් එය මටම සමාව දී ගන්න බැරි වේවි කියා. ඒ සිදුවීම මේ පාසලේදී මම ලබපු අමතක නොවෙන අත් දැකීමක්. ඒවගේම වෙනස් අයට ඒ විදියට සලකන මේ සමාජය ගැන මට ඇති වුනේ ලොකු කල කිරීමක්. ඒ නිසාම මම මටම පොරොන්දු වුනා phD එක අරගෙන වැඩිකල් නොගිහින්ම මේ රටෙන් යන්නම යනවා කියා.
Tweet
Tuesday, June 9, 2015
Sunday, February 22, 2015
ජපන්නුන්ට ඉංග්‍රීසි ඉගැන්නීම-දෙවන කොටස (ගුරු පුහුණුව)
මෙම ඉංග්‍රීසි පාසලේ උගන්නන එන්නේ අමුතුම පසුබිම් වලින් පැමිණෙන අයයි. ඉංග්‍රීසි කථාකරන රට වලින් පැමිණි සරණාගතයෝ, විශ්ව විද්‍යාලයට පෙර (gap year) ලෝකය වටේ ඇවිදින්නෝ, කුඩාකාලයේ සිට ජපානයට එන්න සිහින මැවූ අය, ජපන්නු සමඟ විවාහ වුනු විදේශිකයෝ අතර මම වගේ ඔය මොන ගොඩකටවත් අයිති නැති යාන්ත්‍රික ඉන්ජිනේරුවොත් ඉන්නවා. ඉතින් මේ හැමෝම පාසලේ වැඩපිළිවෙලට පුරුදු කරවන්න අනිවාර්ය දින 3ක පුහුණුවීමේ වැඩ සටහනක් පැවැත්වෙනවා.මෙම පාසල අරමුණු කරන්නේ ඉංග්‍රීසි භාෂාව කථා කිරීමට පුහුණු කිරීමයි.
මෙම පුහුණුවේ විශේෂ අංගයක් වුනේ ජපන් භාෂාවෙන් කතා කරන අයෙකුට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමේදී ඇතිවන ගැටුලු ගැන මෙන්ම පාසලේ විෂය දාරාව පිළිබදව අපව දැනුවත් කිරීමයි. මෙහි විෂය දාරාව පාසලේ LAN(ජාලයේ) තිබෙන නිසා අපට වෙනම පාඩම් වලට සුදානම් වීමට අවෂ්‍ය වන්නේ නැහැ. මිනිත්තු 40ක පාඩමක් ඉතාමත්ම ඵලදායි ලෙසට සිදුකරන අකාරය පිළිබඳව එහිදී අපව දැනුවත් වුනා. එහි විස්තර එතරම් සිත්ගන්නා සුළු නොවන නිසා මම ඒ සම්බන්දයෙන් සඳහන් කරන්නේ නැහැ.
මාත් සමඟ පුහුණුවට පැමිණි විදේශිකයන් විවිධාකාරයි. එක් ඇමෙරිකන් ජාතිකයෙක් ජපානයට පැමිණ තිබෙන්නේ ඔහුගේ වෝල් ස්ට්‍රීට් රැකියාව අතහැර දමා අධ්‍යාත්මික දියුණුවක් පතාගෙනයි. ඔහු විශ්වාශ කරනවා ජපානයේ තිබෙන සිද්දස්ඨාන යාකරන චාරිකාවක් යෑමෙන්, අපේ විදිහට කියනවා නම් වන්දනා ගමනකින් එය ලබාගත හැකිබව. සමහරුන්ට ජිවිතයේ යම් අවස්ථාවකදී එහි නිසරු බව දැනෙන්නට ගන්නවා. ඒ සම්බන්ධයෙන් නොයෙකුත් දෙනා ගන්නා ක්‍රියා මාර්ගත් විවිධයි. නමුත් අදෘෂ්‍ය, වක්‍ර ඇමෙරිකානු අධිපත්‍යය හමුවේ ශ්‍රී ලාංකික අපටත් වඩා අක්මුල් සිඳගෙන ඇති ජපන් සමාජයෙන් අධ්‍යාත්මික දියුණුවක් සෙවීම ප්‍රයෝගික යැයි මා පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ.
මේ දින තුන අවසානයේ මාව එක් පාසලකට අනුයුක්ත කළා ඒ පිලිබඳ විස්තර පසුවට.
Photo credit: http://www.funofart.com/wp-content/uploads/2013/09/bamboo-forest-at-arashiyama-park-968x774.jpg

Labels:
ජපන්නුන්ට ඉංග්‍රීසි ඉගැන්නීම,
ජපානය,
සිංහල
Thursday, February 5, 2015
ජපන්නුන්ට ඉංග්‍රීසි ඉගැන්නීම- ප්‍රස්තාවනාව
ටික කලක ඉදන් මම ජීවත් වෙන්නේ ජපානයේ. හැබැයි මෙහෙ එන්න තුන් හිතකවත් කිසිම අදහසක් වත් ආසාවක් වත් තිබුනේ නැහැ. ගෙදර උන්නැහැට phd කරන්න ශිෂ්‍යත්වේ හම්බ වුනේ ජපානෙට. එපාර මාත් ලංකාවේ මගේ රස්සාවට තිත තියල ආවේ phd එකක් කරන්න හිතාගෙන. හැබැයි මෙහෙ ආවට පස්සේ එහෙම එකක් හදාගන්න ලේසි නැහැ, ජපන් බැරුව.අවුරුද්දක් විතර සෑහෙන මහන්සි වෙන්න වුනා සරසවියකට ඇතුල් වෙන්න. නමුත් ඒ අවුරුද්දෙ මම සැහෙන දේවල් කලා. එයින් එකක් වුනේ මෙහෙ ඉංග්‍රීසි පාසලක ඉංග්‍රීසි ඉගැන්නීම.
ජපානේ මොන රස්සාවට ගන්නත් සම්මුක පරීක්ෂණ බොහෝ ගණනක් තියෙනවා. මගේ මේ අඩ කාල (part-time) රස්සාවටත් මට විභාග හා සම්මුක පරීක්ෂණ 6ක් තිබ්බ (ඔව්, ජප්පොන්ට පිස්සු ). මගේ toefl score එක හා ඉස්කෝලේ යන කාලේ ඉඳන් ෆිල්ම් බලල හදා ගත්ත accent එක නිසා යන්තම් මට රස්සාව හම්බ වුනා. ඒක ලොකු පාසැලක්. ඔවුන්ට ජපානේ පුරා පාසැල් 100ක් විතර තියෙනවා. උගන්නන බොහෝ දෙනා ඇමෙරිකානු බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියානු ජාතිකයෝ.
මේ පාසල අමුතු පාසලක්. එක පාසලක ඉන්නේ ගුරුවරු 15ක් විතර. අපේ පන්ති ඔක්කොම තනි පන්ති (one to one). එක පාඩමක් විනාඩි 45යි. උදේ 10 සිට රාත්‍රී 10 තෙක් විනාඩි 45න් 45ට බෙල් එක වදිනවා පාඩම් මාරු වෙනකොට. අපිට මාසේ එන්න පුළුවන් වෙලාවල් ඊට ඉස්සෙල්ල මාසේ අන්තර්ජාලය හරහා අපේ කාල සටහනේ ලකුණු කරන්න ඕන. ඉගෙන ගන්න එන අය අන්තර්ජාලය ඔස්සේ අපේ කාලසටහන book කරනවා. ගුරුවරු හැමෝටම පොඩි cubicle එකක් තියෙනවා. තමන්ගේ පාඩම තියෙන වෙලාව ආවම ශිෂ්‍යයා අදාල cubicle එකට එනවා. මේ පාසැලට ඉගෙන ගන්න එනවා අවුරුදු 3 සිට 100 දක්වා සියලුම දෙනා.
හැබැයි මේ පාසැල විවෘත ජපානයේත් ඉහල පාන්තිකයන්ට පමණයි. මොකද මේ විනාඩි 40යේ පන්තියට එක් අයෙක් ගෙවනවා ලංකාවේ රුපියල් වලින් නම් රුපියල් 10,000ක් පමණ(ඔව්, ආයිත් කියන්න ඕන. ජප්පොන්ට පිස්සු) ඒවුනාට ගුරුවරුන්ට ලැබෙන්නේ ඒ ගනනින් 4න් 1ක් පමණයි. ඒවගේම අපි කරන හැම පාඩමකටම ශිෂ්‍යයා ගුරුවරයාට ලකුණු දෙනවා උපරිමය 5ක්. ලකුණු 5න් 3ට අඩු වුනොත් ළමයාට නැවත මුදල් දෙනවා. ඒවාට කියන්නේ negative lessons කියල. මාසයකට මේ වගේ negative lessons 2ක් ලැබුනොත් ගුරුවරයාගේ කොන්ත්‍රාත්තුව දිගු කරන්නේ නැහැ. ඔන්න ඔය කරුණු නිසා මෙහි ඉගැන්වීම පහසු කාර්යයක් නොවෙයි.
මුල් කාලයේ නම් මෙහි ඉගැන්වීම හිතට හරිම පිඩාවක්. නමුත් දැන් මගේ phd එකට ඉගෙන ගන්න අතරතුරේදීත් මම යනවා එහි හේතු කීපයක් නිසා. මෙහිදී මට හමුවුන මිනිසුන් විවිධාකාරයි. ඔවුන් සමග කථා කිරීමෙන් මම බොහෝ දේවල් ඉගෙන ගන්නවා ජපානය මෙන්ම ලෝකය ගැන. මේ වනවිට මම උගන්වා තිබෙනවා ජපන් නළු නිළියන්ට,ගායක ගායිකාවන්ට, අධිනීතිඥයන්ට, සිනමා අධ්‍යක්ෂකවරුන්ට, CEOලාට මහාචාර්යවරුන්ට, ආච්චිලා සීයලා ඇතුළු කුඩා දරුවන්ට. ඒවගේම ජපානයේදී ඉංග්‍රීසි කතාකිරීමට ලැබෙන අවස්ථා හරි අඩුයි. ඒනිසා මෙසේ ඉගැන්වීම මගේ ඉංග්‍රීසි භාෂා දැනුම මොට නොවී තබා ගැනීමටත් උදවු වෙනවා. ඒවගේම මගේ ආර්ථිකයටත් මෙය ඉතාමත්ම හිතකරයි.
මේ වෙනවිට මම පාඩම් 3000කට අධික ප්‍රමාණයක් උගන්නා තිබෙනවා. ඉන් 3ක් පමණයි negative lessons වුවේ. ඉතින් මේ පාඩම් වලින් මට හමුවූ විශේෂ පුද්ගලයින් ගැන මම නොවරදවාම ළඟදීම ලියන්නම්.
මේ පාසැල ගැන විකියේ විස්තරය
http://en.wikipedia.org/wiki/Gaba_Corporation Tweet

Sunday, July 27, 2014
ආදරය කරනවා නම් ශක්‍රයා වගේ කරන්න (සක්දෙවියන්ගේ ආදර කථාව)
බෞද්ධ සාහිත්‍යයේ එන ලස්සනම ප්‍රේම කතාව සිද්දාර්ථ යශෝධරා වුනත් ඒක හැමෝම දන්නවනේ. එනිසා අද මම කියන්නේ ශක්‍ර දෙවියන්ගේ ප්‍රේම කතාව. ශක්‍ර දෙවියන්ට නොයෙකුත් නම් තියෙනවා එයින් එකක් තමයි සුජම්පති. ඔහුට සුජම්පති කියන්නේ සුජා කියන අසුර ලඳ ඔහුගේ භාර්යාව නිසයි.
ශක්‍ර දෙවිඳු අවසන් වතාවට මිනිස් ආත්මයක් ලබා සිටියේ මඝ නමැති තැනැත්තෙක් ලෙසයි. මෙය අබුද්ධ කාලයක්. ඒ කියන්නේ බුදු කෙනෙක් පහල නොවී තිබුන කාලයක්. මේ මඝ තරුණයා නොයෙකුත් පුණ්‍ය කාර්ම රාශියක් කර තිබෙනවා. ඔහු ගැන විස්තර සංයුක්ත නිකායේ සක්ක සංයුක්තයේ සඳහන් වෙනවා. මිනිසුන්ට නොමිලේ ගෙවල් සාදාදීම, වනාන්තර වැවීම, දෙමාපිය උපස්ථානය වැනි දේවල්ද සීලයක පිහිටා සිටීමද භාවනාවද මේ තරුණයා කර තිබෙනවා. ඒකාලේ චාරිත්‍රය ලෙසට මේ මාඝ තරුණයාට බිරින්දෑවරු තුන්දෙනෙක් ඉඳල තියෙනවා. ඉතින් මේ බිරින්දෑවරුන්ගෙන් දෙදෙනෙක් මේ පින්කම් වලට උපකාර කලත් එක බිරිඳක් ඒ ගැන වැඩි උනන්දුවක් කර නැහැ.
මේ සියලු දෙනා මියගිය පසුව මාඝ තරුණයා ශක්‍රයා ලෙසද පිනට උපකාර කල බිරින්දෑවරු දෙදෙන ඔහුගේ විමානයේම දිව්‍යාන්ගනාවන් දෙදෙනෙක් වීද උපත ලබා තිබෙනවා. නමුත් ශක්‍රයාගේ ප්‍රියතම බිරිය වූ තුන්වෙනි බිරිය එහි උපත ලබා තිබුනේ නැහැ.
ශක්‍ර දේවේන්ද්‍රයා දිවැස් යොමා බැලූ විට එම බිරිය කෙකනියක් (කොකාගේ ගෑනු සතා) වී ඉපදී සිටියා. ඉතාමත් සංවේගයට පත් වූ ශක්‍රයා වහාම කෙකනිය ලඟට ගොස් කෙකනියට කතා කර අනෙකුත් බිරියන් දිව් සැප ලබන අයුරු පෙන්වා දී කාරණා පැහැදිලි කර දුන්නා. කෙනෙක් දිව් සැප ලබන්නට නම් සේක බල සම්පුර්ණ කල යුතුයි. එයින් ප්‍රධාන වන්නේ දානය, සීලය හා භාවනාවයි. ඉතින් ශක්‍රයා අර කෙකනියට සිල් රකින ලෙස අවවාද කලා. මින්පසු මැරුණු මාළු පමණක් ආහාරයට ගෙන ප්‍රාණ ඝාතයෙන් වලකින ලෙස කියා සිටියා.
ශක්‍රයාට දැනගන්න අවශ්‍යවුනා කෙකනිය ඔහු කීදේ පිලිගත්තාද කියා. දිනක් ශක්‍රයා මැරිච්ච මලුවෙක්ගේ වේශයක් මවාගෙන අර කෙකනිය සිටි තැනට පාවී ආවා. කෙකනිය මාළුවා අල්ලගන්න හදනවිටම වරල් සලන්න ගත්තා. මේ දුටු කෙකනිය එම මාළුවා අත් ඇරියා. ඉන් පැහැදුණු ශක්‍රයා කෙකනියට උපකාර කරන්නට සිතට ගත්තා.ඉතින් අහාර මද කම නිසා කෙකනිය ඉක්මනට මරණයට පත් වුනා.
නැවතත් ශක්‍රයා දිවැස් යොමා බැලු විට කෙකනිය ඉපදී සිටියා ඉතාමත් දුප්පත් ගෙයක ලස්සන දුවක් වී. සීලය සම්පුර්ණ කල නිසා ලස්සන වුවත් දානය නොමැති කම නිසා දුප්පත් වී සිටියා. නැවතත් ශක්‍රයා මේ දියණියගේ උදවුවට පැමිණිය වයසක සීයා කෙනෙක් ලෙසට. මේ සියා පුහුල් විකුණුවා. සීයා කියාගෙන ගියා කෙනෙක් ප්‍රාණඝාතය, සොරකම, බොරුව, ආදී දුස්සිලයෙන් වැලකි සිටීද මේ පුහුල අතට ගත් ගමන් එය රත්තරන් වන බව. මිනිසුන් මේ සීයට විහිලු කරන්නට ගත්තා එහෙම අය නම් හොයන්න වෙන එකක් නෑ කියා. මේ ඇසුණු අර දියණිය ඒ සියා සොයාගෙන ගියා.ඉතින් මේ දියණිය පුහුල් ගෙඩිය අතට ගත් විටම එය රන් බවට හැරුණා. ඒ සීයා දානයේ ආනිසංශ ඒ දියණියට පහදාදී යන්නට ගියා. ඉතින් මේ දියණිය ඒ ආත්මයේ නොයෙකුත් දන් පින් කරමින් සිට මියගියා.
නැවතත් සක් දෙවිඳු පරික්ෂා කර බැලුවිට ඔහු දුටුවා ඇය වේපචිත්තිය නම් අසුරයන්ට අධිපති අසුර රජුගේ ඉතාමත් සුන්දර සුජා නම් දියණිය වී ඉපදී සිටි බව. භාවනාව පුරුදු නොවූ නිසා ඇයට දෙව් ලොව ඉපදීමට පින් තිබුනේ නැහැ.
මේ අසුර ලියන්ට ස්වයං වරයකින් තම ස්වාමියාව තෝරා ගත හැකියි. ඉතින් සක් දෙවිඳු අර සුජාගේ ස්වයං වරය දින අසුරයෙකුගේ වෙස් ගෙන එයට සහභාගී වුනා. සංසාර පුරුද්ද නිසා ඇය සක් දෙවිදුන්ව මාලය දමා තම ස්වාමියා ලෙස තෝරා ගත්තා.
බොහොම ඉවසීමෙන් ශක්‍රයා තමන්ගේ ආදරය දිනාගත්තේ ඔන්න ඔය විදියටයි.
-ජනවහර ඇසුරෙනි
Sunday, July 6, 2014
Saturday, April 19, 2014
දං බෝවිටියා කැලේ .. මැදින්.. එන්න සිතයි නුඹ ලගට සැනින්
මේ සිද්ධිය වෙනකොට මම දෙක වසරේ හරි තුන වසරේ හරි වෙන්න ඇති. එදා මම උණ හැදිලා නින්ද යන්නේ නැතිව අමාරුවෙන් නැගිටලා හිටපු දවසක්. පොඩි කාලේ අපිට නින්ද යනකම් කථා කියන්නේ තාත්තා. අපේ තාත්තා කියන කතන්දර මම වෙන කොහෙදිවත් අහල නැහැ. එදත් වෙනද වගේම තාත්තා කතන්දර කිවුවා කිවුවා ඒත් නින්ද මන් අහලකටවත් අවේ නැහැ.
අන්තිමට තාත්ත දන්න කතන්දර ඔක්කොම ඉවර වෙලාද කොහෙද තාත්ත කිවුව මම අද ඔයාට සින්දුවක තියන කතන්දරයක් කියන්නම් කියල. එහෙම කියල කියන්න ගත්ත කතන්දරේ තමයි මේ තරම් කාලෙකට මම අහපු අමතක නොවෙනම කතන්දරේ. තාත්තා කතන්දරේ ටිකක් කියනවා. ඊට පස්සේ ඒකට අදාල සින්දුවේ කොටස ගයනවා. ඔන්න එහෙනම් ඒ කතන්දරේ තාත්තා කියපු විදිහටම.
මේ කතාව පොඩි සාදු කෙනෙක් ගැනයි. ඒකාලේ පොඩි ළමයි මහන කරවන්නේ ඒ පිනෙන් සතර වරිගයටම නිවන් දකින්න පුළුවන් කියල විශ්වාශයක් තිබ්බ නිසාලු. එපාර මට තිබ්බ ප්‍රශ්න තමයි සතර වරිගය කියන්නේ මොකද්ද කියලයි, නිවන් දකිනවා කියල කියන්නේ මොකද්ද කියලයි. තාත්තනම් කිවුවේ සතර වරිගේ කියන්නේ අම්මගේ අම්මගේ නෑදෑයොයි අම්මගේ තාත්තගේ නෑදෑයොයි තාත්තගේ අම්මගේ නෑදෑයොයි තාත්තගේ තාත්තගේ නෑදෑයොයි කියලයි. නිවන් දකිනවා කියන්නේ බුදුහාමුදුරුවෝ වගේ ජීවිතේ ඔක්කොම දුක ඉවර කරලා ආයිත් උපදින්නේ නැතිවෙන එකට කියල තමයි තාත්ත කිවුවේ.
ඔන්න පොඩි සාදු බෝමළුව අතුගාන කොට මල් ආසනේ මල් සුවද එනකොට අම්මගේ කිරිසුවද මතක් වෙන්න ගත්තලු. ඒ එක්කම ගෙදරයි සෙල්ලම් පිට්ටනියයි මතක් වෙලා අම්ම හොයාගෙන ගෙදර යන්න හිතුනලු
“බෝ මලුවෙ මල් සුවදක පැටලි
අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ..
සුපුරුදු උණුසුමකට සිත ඈදි
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ..
දං බෝවිටියා කැලේ .. මැදින්..
එන්න සිතයි නුඹ ලගට සැනින්…”
ඒක කියන කොටම මම අඩන්න ගත්තා.
ඉතින් පොඩි සාදු හිතනවලු අනේ අම්මේ මම හතර වරිගයම සංසාරෙන් එතෙර කරන්නම්, ඒත් ඒ අතරේ චුට්ටකට යාලුවෝ එක්ක සෙල්ලන් කරලා එන්නද කියලා. එහෙම හිතපු ගමන්ම ආයිත් හිතුනලු, ඒත් එහෙම කරන්නේ කොහොමද යාලුවෝ ඔක්කොම පිටනියට ගිය ගමන් පොඩි සාදු කිය කිය වදින්න එනවනේ. ඉතින් සෙල්ලම් කරන්නේ කොහොමද.
“එතෙර කරන්නම් හතර වරිගයම
සංසාරේ යන මේ ගමනේ
චුට්‌ටක් සෙල්ලම් කරලා ඒන්නද
පුරුදු යහලුවන් හා සැනෙනී
එහෙම ගියත් ඒ අය පොඩි සාදු
කියා කියන විට වැද වැටිලා
කොහොමද අම්මේ ඔට්‌ටු දුවන්නෙ
වෙල් ඉපනැල්ලේ පැන නටලා”
ඉතින් මම උපදින හැම ආත්මයේම පෙරුම් පුරලා පෙරුම් පුරලා දවසක මම හතර වරිගයම සංසාරෙන් එතෙර කරන්නම්.ඊට පස්සේ ඇවිත් මම අම්මගේ තුරුලට වෙලා ඉන්නවා. ඒත් අම්මේ එහෙම කරන්නේ කොහොමද එතකොට අම්මත් සංසාරෙන් එතෙර වෙලානේ.
“භවයෙන් භවයේ පෙරුම් පුරා මම
භවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වර්ගයම
එතෙර කරන්නම් සංසාරෙන්
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලග
ඉන්නම් කිරි සුවදේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරෙන් එතෙර වෙලා ..”
මේක කියපු ගමන් මට දැනුණ කම්පනය මේ සින්දුව අහන අහන වාරයක් ගානේ තාමත් දැනෙනවා. මේක තමයි මගේ පොඩිකාලේ මම ආසම සින්දුව. අදත් මේ සින්දුව ඇහෙන කොට ඇහැට කඳුලක් එන්නේ සින්දුවේ කතාවටත් වඩා අම්මල තාත්තල අපිට නින්ද නොයන කම් කීදවසක් මෙහෙම දුක්විදල ඇතිද කියල මතක් වෙලා. අම්මේ තාත්තේ දං බෝවිටියා කැලේ .. මැදින්..එන්න සිතයි නුඹ ලගට සැනින්.
Tuesday, April 8, 2014
සත්‍ය
කුරුල්ලෙක් වගේ ඉගිල්ලිලා යන්න ආසයි කීවට.
දුටුවාද ඔබ
පස්සෙන් පන්නාගෙන එන උකුස්සෝ,
රාත්‍රියේ බිත්තර කන්න එන සර්පයෝ,
කෑම සොයා ලතවෙන කුරුල්ලෝ..
ඡායාරූ අනුග්‍රහය: http://images.elephantjournal.com/
Tuesday, March 11, 2014
The beautiful sea ice aka the world's largest heat sink.
Two weeks ago I went to Monbetsu, Hokkaido. That's the northern tip of Japan. One of the things I adore about my research is that it takes me to most amazing places. My research is on numerically modeling the sea ice in Arctic. Therefore most of the symposiums and research conferences are happening in the coldest places. This is the 29th symposium of Okhotsk sea. The Okhotsk sea is the sea between northern Japan and Russia. My laboratory is an active participant of the symposium. This is my first time to attend the symposium. It was freezing there but I really enjoy all the views, good food in Hokkaido as well as the interesting research done by the fellow researchers.
Here goes some of the pictures I took there.
This is the frozen sea near the beach. The man in the picture is looking for the small little sea creatures. I can't imagine doing this.
These circular pieces of ice are called "pan-cake ice" This is the formation stage of ice.
Tweet
Here goes some of the pictures I took there.
I took this right after landing at the Monbetsu airport. That was one of the scariest landings I've been through. I almost thought we wouldn't be able to break.
This is the frozen Okhotsk sea. It was my first time to see the sea ice. It's really nice to see and feel what you are modeling numerically for real.
This is the frozen sea near the beach. The man in the picture is looking for the small little sea creatures. I can't imagine doing this.
These are the cleons. They can also be seen in Disney animations
It's freezing out there but it's beautiful
If everything in the world is one color, I'll go for white. Not only It includes all the colors, but also it's really pretty.
The ship I was on board. Garinko the ice breaker ship.
The boarder between sea ice and the sea.
There was a nice blue color within the sea ice. One of the most beautiful things I've ever seen.
On board Garinko, the ice breaker with the beautiful sea ice I model.
The ice in the ocean is one of the most beautiful things in the world. More than the beauty it also serves as a heat sink to the world. Hopefully the politicians would at least acknowledge that global warming exists and take some measures to save them before it's too late.
Labels:
Garinko,
Hokkaido,
Monbetsu,
Okhotsk sea,
Pan cake ice,
Sea ice
Location:
Sea of Okhotsk
Wednesday, January 8, 2014
බර මළු ඔසවාගෙන ගියොත් ගමන වෙහෙසයි.වේගෙන් යන්නට ගියෝතින් ජීවිතය කෙටියි...
මේ ගීතය හරිම සුන්දර ගීතයක්. සංගීතය මෙන්ම අර්ථයෙනුත් සුන්දරයි. ජීවිතය ඕනවට වඩා කාර්යශීලි කර නොගන්න කියලයි මෙයින් කියන්නේ. එහි සුන්දර තේරුම මම පහත ලියා තිබෙනවා. මෙය ගායනා කරන්නේ ජපානයේ ඔකිනවා වල ගායිකාවක් වන රිමී නට්සුකවා.ඔකිනවා කියන්නේ ජපානයට අයත් දුපත් අතරින් දකුණු කෙලවරෙහිම පිහිටලා තියෙන දූපතක්. මේ දුපත විශේෂ දූපතක්. එය ඉතාමත්ම අලංකාර මෙන්ම එහි දේශගුණය ශ්‍රිලංකාවේ මෙන්ම සමෝෂ්ණයි. තවත් එක විශේෂත්වයක් වන්නේ ජපානයේ අනෙකුත් සෑම ප්‍රාන්තයකම මිනිසුන් වෙලාවට වැඩ කලත් ඔකිනවාවල උදවියට ඒ පුරුද්ද නැතිකමයි. සමහර පර්යේෂකයන් සමකය ආසන්නයේ ජිවත්වන පුද්ගලයන්ට කාලය කියන දෙයහි වැදගත්කම දැනෙන්නේ අඩුවෙන් කියා කියනවා. ඒ කෙසේවෙතත් ඔකිනවා වල මිනිස්සු තමයි ලෝකයේ වැඩිම ආයුෂ තියන මිනිස්සු. එක හේතුවක් කියන්නේ ජිවිතයේ ආතතියක් (stress) නැති කම. ජපානයේදී වෙලාවට වැඩකිරීම අත්‍යවශ්‍යයි. කෙනෙකුව මිනිත්තුවක් හෝ බලාසිටීමට ලක් කිරීම ඔවුන්ට කරන නරකම අපහාසයක් ලෙසයි ජපන්නු සලකන්නේ. මෙය සමහර වෙලාවට මිනිසුන්ව නොසෑහෙන ආතතියකට ලක්කරනවා. මට ජපන්නුන්ට කියන්න ඕනවෙලතිබ්බ දේ මේ ගායිකාව හරි අපුරුවට කියනවා. ගීතයේ තේරුම පහලින් ඇත.
(මගේ පරිවර්තනයේ අඩුපාඩු තිබිය හැකිබව කරුණාවෙන් සලකන්න)
දුර ඈතට දිවෙන කඳුපාරේ
ඔබ විවේකයක් ගන්න නැවතුනෝතින්
ඔබව පසුකර යාවි.
සිහින දැකීම මල් වෙඩි නරඹනවා වාගෙයි
ක්ෂණික ආලෝකයට පසුව අඳුර පැමිණේවි
ඔබේ මුදු සිනාව
මිනිසුන්ව උණුසුම් කරාවි
ඔයතරම් වෙහෙස නොවන්න
ඉඩ ලැබෙන විටක මම ආසයි ඔබ අහුන්කම් දෙනවානම්
ඔබේ හදවතේ නැගෙන හැඟීම් වලට
දයාබර මිනිසුනේ
මගේ හදවතේ ලැගුම්ගන්න
බර මළු ඔසවාගෙන ගියොත් ගමන වෙහෙසයි
වේගෙන් යන්නට ගියෝතින් ජීවිතය කෙටියි
හෙමින් සැරේ ගියෝතින් ඒක දුර ගමනක්
පාට හතක් තියන දේදුන්නක් හඹා යනවිට
එය සමරණ දවස එනකන් බලාහිද වෙහෙසට පත්වේවි
ඔයතරම් වෙහෙස නොවන්න
දයාබර මිනිසුනේ
විටෙක හැඩු වාට කමක් නැත.
සිනාවෙන්න අමතක වුවිට
ඔබ මිනිසුන්ගේ හදවත් බිදීවි
ඔයතරම් වෙහෙස නොවන්න
විටෙක මිනිසුන්ව විශ්වාස කිරීමට බිය නොවන්න
දයාබර මිනිසුනේ
මගේ හදවතේ ලැගුම්ගන්න
Tweet
Tuesday, July 23, 2013
සීනු හඬ
ජීවිතය නම් කෙටි නවාතැනේ
අතරමංවූ බොහෝ දෙනා මැද
හරි මගම කියාදෙන
හීනියට හඬ නගන
හදවත සනසාලන
සුන්දර සීනු හඬ නුඹ...
Sunday, December 30, 2012
Food diaries 2012
At the beginning of 2012 I had resolved myself to eat 20 foods that I hadn’t
tried before. It was a lot of fun to keep this resolution. By the end of the
year I ended up trying more than 30 dishes. I'm too lazy to write about all of them so I'll pick 20 dishes that I liked. The whole experience was quite amazing. I must say that when it comes to food looks are surely deceiving. Here goes the list in no particular order.
1. Raw horse meat with soy sauce
I tried it at our lab welcome party. I really liked it. It's really cold and goes really well with a bit of soy sauce.
2. Beef cooked on some kind of a leaf
This one I tried at a Japanese Ryokan (inn) They offer the strangest food but nevertheless it tastes awesome.
3. steamed soy beans (edamame)
I have been procrastinating trying this for a while since it looks slimy but it was really good and addictive. It's one of my favorite snacks right not.
4. Cold black soba (buckwheat noodles)
I tried it in a very traditional Japanese restaurant on my way to Hakone with my fellow researchers. Black soba with soy sauce and a bit of wasabi is really delicious.
5. Vietnamese spring rolls
These Vietnamese spring rolls are stuffed with raw vegetables, fish and noodles. They are eaten with these two dipping sauces. I really liked the spicy dip. This was tried at my lab secretarie's home party.
6. Thai steamed fish
Last March I visited my brother who lives in Thailand. These dishes were tried at a small cabana near the beach. The dish was quite spicy but I found it a little watery.
7. Crispy prawns
This is by far my favorite Japanese appetizer. It's batter-fried crispy prawns. It's different from tempura. With a bit of lemon juice it can even beat my favorite Japanese karaage (fried Chicken)
8. Pakora
This is batter fried masala potatoes. It is a south Indian snack. It goes very well with some chutney. Tried them at the Pondicherry restaurent in Tokyo. It is really really yummy.
9. Raw deer meat
Japanese love their food raw. I am a big fan of these raw food. It is eaten with a bit of ginger, wasabi and soy sauce. It's really cold but for me it's a party in my mouth. Tried it on my way to Hakone with my fellow researchers.
10. Avacado and raw fish salad
I hate avacado. I really do, but I like sashimi (raw fish) So I gave this a go. It didn't disappoint me. This was made by my lab secretary and tried it at her home.
11. Thai chicken stir-fry
I really like the spiciness in thai stir-fries. It was served with jasmine rice and a bulls-eye egg. Tried at the Thai restaurent in Shinjuku.
12. Taiwanese shaved ice
Shaved ice is awesome. It's beyond awesome with a bit of strawberries, ice cream and mint. One of my students bought it for me. I ate it the whole summer on every Wednesday. Oh! I love teaching with treats like this.
13. Coffe and chocolate flavored shaved ice.
This was served with some coffee jelly and some cocoa dust. Coffee flavor was over powering and I'm not in to caffeine, so didn't like it that much.
14. Green tea flavored ice cream
I don't drink tea or coffee but I don't mind drinking green tea with Japanese food because they go together very well. Green tea flavored ice cream is not bad.
15. Fried idly

It's a south Indian snack. The normal idly is fried with some spices. It was alright. I think I prefer normal idly to fried idly.
16. Sushi with fish eggs
One day I was in a good mood and wanted to walk the streets of Shinjuku all by myself as a new tourist. I found a very quiet sushi place and had some really amazing sushi. I have tried them before but never tried the one with fish eggs. So I tried it there. It was ok but my all time favorite sushis are squid, salmon and tuna with no sea weed.
17. Payasam, kir

This is an Indian dessert made by our friend Ruban. It's milk and pasta with some spices like cardamom. I liked it.
18. kulfi
Kulfi is also an Indian dessert. It's really awesome. It's an ice cream. It tastes like frozen aluwa. I'm surely gona make it at home.
19. Chinese dessert (almond jelly)

It's very light but delicious. A fine ending to greasy Chinese courses.

This for me is the visual perfection. Japanese are really careful about the food presentation. I have no idea what I ate there. I ate some flowers, fish, pickles and many other tiny food. They all tasted really good.
It surely was a fun resolution. I guess I should try in 2013 as well.
Wednesday, November 14, 2012
Blinking boxes
Last month I turned 28. Having just two more years to end the 20s doesn't make you feel any better. Time to time through some Facebook links of your young siblings you get a glimpse of what a weird place this world is turning out to be in a few years. In order to survive in this chaotic place one should definitely be flexible to adopt the new trends in technology.
Therefore Last year on my birthday I bought myself an i-pad. It has changed my life in such a way that I can't possibly describe. First of all I must say that I got lucky since I could buy the I pad for just 60$s due to a sales promotion.
To mention the obvious, the I pad has accelerated my reading. By the end of the last year I could only finish 5 books in total but even though I was busier this year I could complete more than 15 books so far. Well,call me a geek but I don't really care for the fresh aroma of the books rather the content of them. Infact I get a sick feeling when I get hold of dusty old books cause they make me sneeze. The nice thing about using e-books is that you can just click on a difficult word and the meaning of the word appears right there saving you a lot of time referring to a dictionary. On the other hand you can decide the size and the type of the fonts. You can also decide on the brightness. E-reader automatically keeps bookmarks for you. I couldn't have truly asked for a better reading experience.
Reading aside one of the most wonderful things about using a tab or a smartphone is the endless number of apps that can be used to improve your life. Now I've completely stopped using pen and papers since I can easily make notes with my own handwriting using an app. I have an app to keep a track of my running speeds and burnt calories, another to update my resolutions one for learning new Japanese and English words. At the moment I'm typing this blog post via my iPad on the train. So ya I'm very glad I bought these little blinking boxes.
On the other hand I think I'm not exaggerating when I say these boxes are leading to an amazingly quiet generation. We are globally connected via these screens but at the same time they make us ignore the presence of people. I'm a big fan of meaningful conversations and connecting with people face to face but unfortunately, it seems that these will soon be good old things of past.

Saturday, September 29, 2012
ජපානයේ මුදුන සොයා ගිය ගමන
ෆුජි කන්ද ජපානයේ තිබෙන
උසම කන්දයි. ශ්‍රී ලාංකිකයන්ට සමනල කන්ද කෙතරම් පුජනිය වන්නාසේම ජපන්නුන්ට ෆුජි
කන්ද එතරම්ම පුජනියයි. වලාකුළු රහිත උදැසනක ෆුජි කන්ද දැකීම වාසනාව ගෙන දෙන බවයි ඔවුන්ගේ
විශ්වාශය. ජපන්නුන් ෆුජි කන්ද අමතන්නේ ෆුජිසන් කියයි. එහි තේරුම ෆුජි මහත්මයායි.
උසින් ෆුජිකන්ද අඩි 12388 ක්. එය ලෝකයේ තිබෙන කඳු වලින් 35ස් වෙනියට උසම කන්දයි.
මේ කන්ද තරණය කරන වාරය පවතින්නේ මාස දෙකක් පමණයි. ඒ ග්‍රීෂ්ම සෘතුවේ ජූලි සහ
අගෝස්තු මාස වලයි. අනෙකුත් මාස වල මේ කන්ද හිමෙන් වැසී තිබෙන නිසා තරණය කිරීම
දුෂ්කරයි. පහත දැක්වෙන්නේ පසුගිය අවුරුද්දේ සීත සෘතුවේදී මම කියෝතෝ බලා බුලට්
දුම්රියේ යන අතරතුර ගත් සේයාරුවක්. ඇත්තෙන්ම එය ඉතාමත්ම සුන්දර දර්ශනයක්.
මේ වසර මගේ ජපන් ජිවිතයේ
දෙවන වසරයි. මගේ ශ්‍රී ලාංකික හිතමිතුරන් ෆුජි කන්ද නැගීමට චාරිකාවක් සංවිදානය කල
නිසාවෙන් මමත් ඔවුන් සමඟ එක්වීමට තීරණය කලා. අපි ජීවත්වෙන්නේ ටෝකියෝ නගරයේ නිසා
අපිට ටෝකියෝ වල තිබෙන ලෝකයේ ජනාකිර්ණම දුම්රිය නැවතුම්පොළ වන ශින්ජුකු සිට පැය
දෙකක් බස් රථයෙන් ෆුජිකන්ද පාමුල වෙත ගමන කරන්න සිද්ද වුනා. අපි ගමන් ඇරබුවේ රාත්‍රී
7.30 ටයි. අපි 9.30 වනවිට ෆුජිකන්දේ පස් වන නැවතුම් පොලට ලඟා වුනා. එතැන්සිට
ඇරඹුණා කිලෝමීටර 6 ක් දුර අපගේ කඳු තරණය.
මේ තරණය සදහා අත්‍යාවශ්‍ය
දේවල්නම්. හිසේ පළදින විදුලි එලි, ඔක්සිජන් ටැංකි, ශක්ති ජනක පානයන්, මුදුනේ අඩු
උෂ්ණත්වයට ගැලපෙන කබා සහ අත්මේස්, කුඩා සීනුවක් සවිකළ යෂ්ටියක්, චොකලට් වැනි
කැවිලි සහ වතුර බෝතල්. මේ සියල්ල සමගින් සහ උද්යෝගමත් මනසකින් යුක්තව අපි ගමන
ආරම්භ කලා.
| මම සහ පේෂල 6 වෙනි නැවතුම්පොලේදී |
මෙහිදී හමුවන පළමු නැවතුම්පොළ 6 වෙනි නැවතුම් පොලයි.
එය තමයි ගමනේ ලෙහෙසිම කොටස.මින් ඔබ්බට මාර්ගය එතරම්
ලෙහෙසි වූයේ නැහැ. නමුත් සැමවිටම මාර්ගයේ තිබෙන යකඩ දම්වැල ඇත්තෙන්ම තරණයට
බොහෝසෙයින් උපකාරී වුවා. මේ යන සැමදෙනාගේම බලාපොරොත්තුව ඉරසේවය බැලීමට කන්ද මුදුනට
ළඟාවීමයි. මේ ගමන විඩා නොවී යාමට දැනගත යුතුම දේ තමයි, හුස්ම ගැනීම සහ පාද තැබීම
එකවිට සිදුකිරීමයි. දිවිමේදී වගේම කඳු නැගීමේදී එය ඉතාමත් වැදගත්. අප දෙදෙනාම
උදැසනට දිවීමට පුරුදුවී සිටි නිසා එය අපට හොඳ පුහුණුවක් වුවා.
මේ ගමනේදී ගතේ විඩාවත්
සමග අහාර රුචිය නොදැනී යනවා. එවිට ගතේ ශක්තිය රඳවා ගැනීමට උපකාරී වුයේ මෙම
ශක්තිජනක ජෙලියි. හත් වන නැවතුම්පොළ සහ අට
වැන්න අතර එතරම් දුරක් දැනුනේ නැහැ. නමුත් අට වන නැවතුම්
පොලින් ඇරභුනු නොනිමි ගමන බෙහෙවින්ම දුෂ්කරයි.
මේ අතරතුර තවත් ඉදිරියට යන්නට නම්
නොහැකියි කියල හිතුන වාරත් අපමණයි. නමුත් ආපහු හැරීම බයගුලුකමක් කියලයි අපිට
සිතුනේ. ටෝල්කෙයින් ඔහුගේ “the hobbit” පොතේ කියනවා වාගේ, ““Go
back?" he thought. "No good at all! Go sideways? Impossible! Go
forward? Only thing to do! On we go!" ඒ දුෂ්කර තරණය අවසානයේ අප ළඟාවුනා 9 වෙනි නැවතුම්පොළට.
අවාසනාවකට වාගේ එදා
ඉරසේවය වලාකුළුවලින් වැසි තිබුණේ නමුත් ඉහල සිට පෙනුණු දර්ශනය නම ඉතාමත් මනරම්.
අපි වලාකුළු වලට වඩා ඉහළින් සිටිනවා යයි දැකීම ඇත්තෙන්ම අපුරුයි. මින් පසු අපි
ආරම්භ කලා තරණයේ අවසාන අදියර. ගතට කොතරම් වෙහෙසක් දැනුනත් කඳුමුදුන ළඟ ලඟම පෙනෙන
විට සිතට දැනුන ප්‍රබෝදය කඳුමුදුනට ලඟා වන තුරුම සිතේ රැඳුනා. අවසානයේදී පැය 6.30
ක අති දුෂ්කර තරණය අපි මෙසේ අවසන් කරා
![]() |
| වලාකුළු වලට ඉහලින් |
![]() |
| යෙන් 1000 ක් වටිනා නුඩ්ල්ස් බඳුන |
| කඳු මුදුනේ ස්මාරකය |
ෆුජි කන්ද කොතෙරම් සුන්දර වුනත් එය තවමත් සක්‍රීය ගිනි කන්දක්. කඳු මුදුනට ගිය අයෙකුට දැක බලා ගන්න පුළුවන් එහි ආවාටය. මිදුණු ලාවා වලින් සෑදුනු මුදුනේ ඇති පාෂාණ තද රතු පැහැයෙන් යුක්තයි. කන්ද මුදුනේදී අපි ආහාරයට ගත් මිලෙන් අධික උණු නුඩ්ල්ස් බඳුන ඇඟට නව පණක් ගෙනාවා. කඳු මුදුනෙහි තිබු බංකුවල කෙටි නින්දක් ලබාගත් අපි උදැසන 9.30 ට පමණ නැවත ගමන ආරම්භ කලා.
| ගිනිකන්දේ ආවාටය |
ආපසු ගමන තරණයට වඩා ගතට
පහසුවුවත් කඳු තරණයේදී තිබූ උද්යෝගය නොමැති වුනිසාවෙන් එය ඉතාමත් දුෂ්කර වුවා.
නමුත් අපි පැය 4.30 කින් කන්ද පාමුලට ළඟා වුවා.
Subscribe to:
Posts (Atom)